මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

ශ්‍රී ලංකා විදුලබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරිවරයෙකුට පහර දී රාජකාරියට බාධා කළේ යැයි සැකපිට බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වදුරඹ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේල්වල කොට්ඨාශය නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුද්ධික කොඩිතුවක්කු (36) නැමැති අයයි.

විදුලි රැහැන් ඇදීමකදී එයට බාධාකර තමාට සහ තවත් සේවකයින් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ වදුරඹ උප කාර්යාලයේ විදුලි අධිකාරිවරයා විසින් වදුරඹ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මන්ත්‍රීවරයා පහර දුන් බව කියන ලංකා විදුලිබල මණ්ඩලයේ වදුරඹ උප කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙන බවද වදුරඹ පොලීසිය කියයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලින් විදුලි රැහැන් ඇදීමේ දී ඔහු විසින් එයට බාධා කිරීමේදී ඇති වූ කතා බහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව තිබෙන බව වදුරඹ පොලීසිය විසින් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි වදුරඹ පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන්කරගෙන තව දුරටත් විමර්ශණ සිදුකරන බවද වදුරඹ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඊට අදාලට විදුලි රැහැන් ඇදීම සිදුකරන ලද ස්ථානය අවට පිරිස් වෙතින්ද විමසීම් කිරීමට බලාරොත්තු වන බවත් සිදුවීමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට ඉදිරි විමර්ශණ වලදී හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් වදුරඹ පොලීසිය කියයි.

වදුරඹ පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්තානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23