පාස්කු ඉරුදින ෂැංග්‍රාලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීතිවිරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.
ප්‍රශ්නය – රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නවා. දැන් රැඳවුම් නියෝග යටතේ CID භාරෙයේ පසුවෙනවා. දැන් මේ දෙපළ ගේ පරීක්ෂණ අවසන් ද?
“ඉදිරියට තවත් තවත් කී දෙනෙක් අත්අඩංගුවට ගනී ද දන්නේ නෑ. ඒක නොකඩවා යන විමර්ශනයක්. ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහුගේ සම්බන්ධය තියෙන්නේ මෙතෙන ඒක සනාථ කරන්න සිද්ද වෙනවා. ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනා තමයි ෂැංග්‍රිලා එකෙයි තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ, ඒ පුතුන් දෙදෙනාගේ සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාවක් ලබාදුන්නා. ඒ මුදල් තමයි සහරාන් ට බොහෝදුරට ලක්ෂ 300ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ. “
මේ අතර පාස්කු ප්‍රහාරය පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල දී පුද්ගලයින් 724ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එයින් පුද්ගලයින් 227ක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු මි 134ක් පමණ අක්‍රිය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.