මන්ත්‍රීවරයෙකු කාන්තාවකට පහර දෙයි – වහා අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ආණමඩුව – තට්ටෑව ප්‍රදේශයේ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඉඩම් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් මෙම පහරදීම සිදු කළ බවට අදාළ කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව ඇප මත මුදාහැර ඇති අතර, දෙපාර්ශවය කැඳවා ඉදිරියේ දී මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?