මන්ත්‍රී නාමල් සහ මහේල අම්බානි පුතුගේ මගුල් ගෙදර ගිහින් (ඡායාරූප)

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බාල පුත් ආනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍ය ඇති උත්කර්ෂවත් අයුරින් ඊයේ (12) මුම්බායි හිදී ආරම්භ වුණා.

දින තුනක් පුරා පැවැත්වෙන මම අති දැවැන්ත විවාහ මංගල උත්සවය සඳහා ලොවපුරා සිටින ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසකට ඇරයුම්කර තිබෙනවා.

මෙම විවාහ මංගල්‍ය සඳහා මෙරටින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්වන සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ද ඇරයුම් ලැබී ඇති බව සඳහන්.

ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිඳ සමඟ ඊයේ දිනයේ ආනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම මහේල ජයවර්ධන ද මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හිපැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පුද්ගලික හේතුවෙක් මත සනත් ජයසූරියට මෙම මංගල උත්සවය සඳහා සහභාගීවීමට නොහැකි වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, සම්බන්ධයෙන් සනත් සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් පවසා තිබුණේ ආනන්ට් සහ රාධිකාගේ මෙම විශේෂ අවස්ථාවට සහභාගීවීමට නොහැකිවීම ගැන කණගාටුවට පත්වන බවයි.

ආනන්ට් සහ රාධිකාගේ මෙම විවාහ මංගල්‍ය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600 කට වැඩි මුදලක් වැයකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගෝලීය ව්‍යාපාරික නායකයින් විශ්වාස කරන්නේ අම්බානිවරුන් උපායමාර්ගිකව වැදගත්කමක් සහිතව මෙම විවාහ මංගල උත්සවය සැලසුම්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26