මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයකට වාරණ නියෝගයක්

පසුගිය අගෝස්තු 17 වැනිදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මත්පැන් බලපත්‍ර තුනක් ලබා ගෙන ඒවා වෙනත් පාර්ශ්වයකට විකුණා රුපියල් කෝටි 15ක් උපයා ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය මින් ඉදිරියට කිසිදු සාමාජ මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම වාරණ නියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත ද නිකුත් කළ අතර මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු එකී ප්‍රකාශය කිසිදු මාධ්‍යයක පළ කිරීම තහනම් කරමින් එම නියෝගය අද (05) නිකුත් කළා.

එමෙන්ම දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට නියෝග කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම පැමිණිල්ල ලබන 19 වැනිදා කැඳවීමටයි නියෝග කළේ.

විත්තිකාර දයාසිරි ජයසේකර මහතා කළ එම අසත්‍ය ප්‍රකාශය නිසා මධ්‍යම පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම ජනප්‍රිය අමතර පන්ති ගුරුවරයෙකු ලෙස ජනාදරයට පත්ව ඇති තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වූ බැවින් ඒ සඳහා රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ද ඒ පැමිණිල්ල මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

නීතිඥ එස්.අනුශ්‍රියා මහත්මිය මගින් ගොනු කළ එම පැමිණිල්ලේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ටී. සිවනන්ද රාජා මහතා සමග ජ්‍යේෂ්ඨ නීතිඥ එන්.ආර් සිවෙන්ද්‍රන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15