මන්ත්‍රී ජගත් විතානට පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මතු කළ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකළ පොලිසිය මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි මන්ත්‍රීවරයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?