මන්ත්‍රීවරුන් 107කගෙන් ජනපතිට ලිපියක්

පසුගිය සමයේ රට පුරා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසට මන්ත්‍රීවරුන් 107 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වාදී ඇත්තේ අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට මේවන විට යොමුකර ඇති බවයි.

අදාළ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර තිබුණා.

එම කමිටුව මගින් ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අතර මන්ත්‍රීවරුන් යොමු කළ ලිපියේ දැක්වෙන්නේ එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත මේවන විට යොමුකර ඇති බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුලු පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වූ අතර මන්ත්‍රීවරුන්ගේ නිවාස මෙන්ම දේපළ ගිනි තැබීම් සහ විනාශ කිරීම් රාජ්‍ය දේපළ හානි කිරීම සහ විනාශ කිරීම වළක්වාලීමට එවකට සිටි පොලිසිය සහ හමුදා ප්‍රධානීන් අසමත් වූ බවයි මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලුදෙනාට තරාතිරම නොබලා නීතිය අනුව දඩුවම් ලබාදෙන ලෙසටයි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ විමර්ශන කමිටුවේ සභාපතිවරයා ලෙසට හිටපු නාවික හමුදාපතිවරයෙක් වන වසන්ත කරන්නාගොඩ පත්කර තිබුණා.

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපතිවරයෙක් වන දයා රත්නායක එහි සෙසු සාමාජිකයන් වුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි කිරීම, ජනාධිපති මැදුර ඇතුලු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත්කර ගැනීම මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම පිළිබඳව ද මෙහිදී විමර්ශනයට ලක්ව තිබෙනවා.

අදාළ වාර්තාව සභාගත කරන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඇතුළුව මන්ත්‍රීවරුන් 107 දෙනෙකු යොමු කළ මෙම ලිපියට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී උදය ගම්මන්පිල ද අත්සන් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?