මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිටින් ඉන්ධන ලබාදීම නතර කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීම නතරකර තිබෙනවා.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති මාතෘකාවක්.

මේ සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ද වාද විවාද ඇති වුණා.

අදාල ඉන්ධන පිරවුම්හලෙන් පෙරේදා (17) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළ අතර එහිදී අත්පිට මුදලට ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලැබුවා.

රථයට ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේ දී අදාල මන්ත්‍රීවරයා රථය තුළ සිටීම ද අනිවාර්ය වුණා.

කෙසේ වෙතත් අදාල ඉන්ධන පිරවුම්හලෙන් සහනාධායි මිලකට මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබදෙන බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිර ගියා.

විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර පවසා සිටියේ දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලකට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ඉන්ධන ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?