spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිටින් ඉන්ධන ලබාදීම නතර කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීම නතරකර තිබෙනවා.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති මාතෘකාවක්.

මේ සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ද වාද විවාද ඇති වුණා.

අදාල ඉන්ධන පිරවුම්හලෙන් පෙරේදා (17) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළ අතර එහිදී අත්පිට මුදලට ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලැබුවා.

රථයට ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේ දී අදාල මන්ත්‍රීවරයා රථය තුළ සිටීම ද අනිවාර්ය වුණා.

කෙසේ වෙතත් අදාල ඉන්ධන පිරවුම්හලෙන් සහනාධායි මිලකට මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබදෙන බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිර ගියා.

විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර පවසා සිටියේ දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලකට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ඉන්ධන ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?