Empty Ad
AFC Banner
Empty Ad

මනම්පිටියේ අනතුරට පත් බසයට ගමනාගමන කොමිසමේ අවසර පත්‍රයක් නැහැ (වීඩියෝ)

මනම්පිටි ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ අනතුරට ලක්වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථය, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බස් රථයක් බව ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම අද (10) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා.

ඒ, අනුව කලක සිට නිසි අවසර පත්‍රයක් නොමැතිව මෙම බස් රථයෙන් මගී ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

අනතුරට පත් වූ මෙම බස්රථය හිමි පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථය පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ දරුණු අනතුරෙන් එහි ගමන් ගත් පුද්ගලයින්ගෙන් 11 දෙනෙකුට ජීවිතය අහිමි වුණා.

තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගතකළ බවයි තොරතුරු වාර්තා වන්නේ.

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ මෙම බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.

https://youtu.be/1DJR8MCSe1g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
8
+1
2
+1
22
+1
3
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
11:13
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09

?