මනම්පිටියේ අනතුරට පත් බසයට ගමනාගමන කොමිසමේ අවසර පත්‍රයක් නැහැ (වීඩියෝ)

මනම්පිටි ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ අනතුරට ලක්වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථය, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බස් රථයක් බව ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම අද (10) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා.

ඒ, අනුව කලක සිට නිසි අවසර පත්‍රයක් නොමැතිව මෙම බස් රථයෙන් මගී ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

අනතුරට පත් වූ මෙම බස්රථය හිමි පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථය පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ දරුණු අනතුරෙන් එහි ගමන් ගත් පුද්ගලයින්ගෙන් 11 දෙනෙකුට ජීවිතය අහිමි වුණා.

තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගතකළ බවයි තොරතුරු වාර්තා වන්නේ.

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ මෙම බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.

https://youtu.be/1DJR8MCSe1g
  1. මුන් දැන් තමයි දැඩි දඩුවම් දෙන්න හඳහන්නේ. අනතුරක් වුනාම ඒකට පියවර ගෙන වැඩක් නැහැ. මාර්ග බලපත්‍ර පරීක්‍ෂකවරුන් ඉන්නවා උන් සල්ලි ගන්න විතරයි ඉන්නේ බස්වලින්. බලපත්‍ර බලන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20