උතුරු, උතුරු- මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අද (18) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතරින් නැගෙනහිර, ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
සෙසු ප්‍රදේශ වල පස්වරු 01.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ගිගුරුම් සහිත වැසී සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



