AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

මධ්‍යම පළාත් රාජ්‍ය සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බව වාර්තා වනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල රාජකාරියේ නියුතු ගිලන් රථ රියදුරන් පිරිසක් වෙනත් රාජ්‍ය ආයතන කිහිපයකට මාරුකර යවා නුපුහුණු රියදුරන් පිරිසක් ගිලන්රථ සේවා රාජකාරී සඳහා යෙදවීමට විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට එළඹීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දැනුම්දීමට මාධ්‍ය හමුවක් අද (17) මහනුවර දී පැවැත් වුණා.

එම සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මෙහිදී කියා සිටියේ මෙම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය වහාම අහෝසි නොකරන්නේ නම් ජනවාරි පළමුවනදා සිට මධ්‍යම පළාත පමණක් නොව සමස්ත දිවයිනේම සෞඛ්‍ය වෘත්තිය සමිති හා එක්ව අඛණ්ඩ වර්ජනයක නිරතවීමට කටයුතු කරන බවයි.

වසර 20,30 හෝ ඊටත් වැඩි පුහුණුව හා පළපුරුද්ද සහිත ගිලන් රථ රියදුරන් 15 දෙනෙකු මේ වනවිට පළාතේ වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරුකර යවා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?