මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

මධ්‍යම පළාත් රාජ්‍ය සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බව වාර්තා වනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල රාජකාරියේ නියුතු ගිලන් රථ රියදුරන් පිරිසක් වෙනත් රාජ්‍ය ආයතන කිහිපයකට මාරුකර යවා නුපුහුණු රියදුරන් පිරිසක් ගිලන්රථ සේවා රාජකාරී සඳහා යෙදවීමට විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට එළඹීමට නියමිත බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දැනුම්දීමට මාධ්‍ය හමුවක් අද (17) මහනුවර දී පැවැත් වුණා.

එම සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මෙහිදී කියා සිටියේ මෙම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය වහාම අහෝසි නොකරන්නේ නම් ජනවාරි පළමුවනදා සිට මධ්‍යම පළාත පමණක් නොව සමස්ත දිවයිනේම සෞඛ්‍ය වෘත්තිය සමිති හා එක්ව අඛණ්ඩ වර්ජනයක නිරතවීමට කටයුතු කරන බවයි.

වසර 20,30 හෝ ඊටත් වැඩි පුහුණුව හා පළපුරුද්ද සහිත ගිලන් රථ රියදුරන් 15 දෙනෙකු මේ වනවිට පළාතේ වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරුකර යවා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57