AFC Banner
AFC Banner
Empty Ad

මද්දකට හසු වී කඳුකර කොටියෙක් මිය යයි (ඡායාරූප)

කිසියම් අයෙකු විසින් මස්කෙළිය, ලකම් වතුයායේ ඇට වූ මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මිය ගොස් තිබෙනවා.

අද (01) අලුයම මෙම සිදුවීම සිදුවී ඇති අතර, අලිගැට පේර ගසක් පාමුල අටවා තිබූ මද්දකට හසු වි සිටි කොටියා වතු කම්කරුවන් විසින් සොයාගෙන් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නල්ලතන්නිය වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් පැමිණ මෙම සත්වයා නිර්වින්දනය කර මුදා ගැනීම සඳහා රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පින්දෙනිය වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

එම වෛද්‍ය වරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුතු සඳහා ගොස් අනුරාධපුරයේ සිට මස්කෙලිය වෙත පැමිණ සිටිය දී කොටියා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මද්දට හසුවූ කොටියා ඉන් පැන යාමට තැත් කිරීමේ දී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් එම සත්වයා මිය යන්නට ඇතියි වනජීවී නිලධාරීන් සැක පල කරනවා.

මේ අයුරින් මදුවලට හසු වන කඳුකර කොටියන් මුදා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරයෙකු සමග පශු වෛද්‍ය රෝහලක් නුවරඑළිය හෝ ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට වනජීවී නිලධාරීන් කාලයක් තිස්සේ සැළසුම් කළ ද, එම රෝහල මෙතෙක් ස්ථාපනය කිරීමට නොහැකි වීම නිසා මෙවැනි කඳුකර කොටියන් ජීවිතක්ෂයට පත් වන බවයි පරිසරවේදීන් කියා සිටින්නේ.

මේ අතර මියගිය කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.

01 8 1 scaled
01 5 1 scaled
01 7 scaled
01 1 1
01 4 1
01 3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?