මද්දකට හසු වී කඳුකර කොටියෙක් මිය යයි (ඡායාරූප)

කිසියම් අයෙකු විසින් මස්කෙළිය, ලකම් වතුයායේ ඇට වූ මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මිය ගොස් තිබෙනවා.

අද (01) අලුයම මෙම සිදුවීම සිදුවී ඇති අතර, අලිගැට පේර ගසක් පාමුල අටවා තිබූ මද්දකට හසු වි සිටි කොටියා වතු කම්කරුවන් විසින් සොයාගෙන් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නල්ලතන්නිය වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් පැමිණ මෙම සත්වයා නිර්වින්දනය කර මුදා ගැනීම සඳහා රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පින්දෙනිය වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

එම වෛද්‍ය වරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුතු සඳහා ගොස් අනුරාධපුරයේ සිට මස්කෙලිය වෙත පැමිණ සිටිය දී කොටියා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මද්දට හසුවූ කොටියා ඉන් පැන යාමට තැත් කිරීමේ දී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් එම සත්වයා මිය යන්නට ඇතියි වනජීවී නිලධාරීන් සැක පල කරනවා.

මේ අයුරින් මදුවලට හසු වන කඳුකර කොටියන් මුදා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරයෙකු සමග පශු වෛද්‍ය රෝහලක් නුවරඑළිය හෝ ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට වනජීවී නිලධාරීන් කාලයක් තිස්සේ සැළසුම් කළ ද, එම රෝහල මෙතෙක් ස්ථාපනය කිරීමට නොහැකි වීම නිසා මෙවැනි කඳුකර කොටියන් ජීවිතක්ෂයට පත් වන බවයි පරිසරවේදීන් කියා සිටින්නේ.

මේ අතර මියගිය කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.

01 8 1 scaled
01 5 1 scaled
01 7 scaled
01 1 1
01 4 1
01 3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40