මතීෂගේ හැකියාව හඳුනාගත් දෝණිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පණිවුඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) සවස පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන් පිළ පරදා ජයගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් පිළට හැකියාව ලැබුණා.

චෙන්නායි සුපර් කිංග්ස් පිළ මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.

මෙම තරගයේ දී තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හැකියාව ලැබුණා.

මතීෂ මෙම තරගයේ දී සිය පන්දුවාර 04 තුළ ලකුණු 15ක් පමණක් ලබාදෙමින් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර, එහිදී ඔහුගේ පන්දුවාර 04 තුළ කිසිඳු හතරේ හෝ හයේ පහරක් ප්‍රතිවාදීන්ට ලබාගැනීමට හැකි නොවීම ද විශේෂත්වයක්.

තරගයෙන් අනතුරුව මෙම යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ගැන මහේන්ද්‍ර සිං දෝනි දැක්වූයේ මෙවන් අදහසක්.

“මම කැමතියි මතීෂ පතිරණ රතු පන්දු ක්‍රිකට් (ටෙස්ට් තරග) ක්‍රීඩා නොකරනවාට, මම හිතන්නේ ඔහු එයට ළං නොවිය යුතුයි. එක්දින තරග ද ඔහු හැකි තරම් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ඔහු විස්සයි විස්ස ක්‍රීඩකයෙක්, ICC තරඟාවලි සඳහා යොදාගත යුතු ක්‍රීඩකයෙක්, සැමවිටම තීරණාත්මක අවස්ථාවන්හිදී ඔහුව භාවිතා කළ හැකියි ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
10
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40