spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මතීෂගේ හැකියාව හඳුනාගත් දෝණිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පණිවුඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) සවස පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන් පිළ පරදා ජයගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් පිළට හැකියාව ලැබුණා.

චෙන්නායි සුපර් කිංග්ස් පිළ මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.

මෙම තරගයේ දී තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හැකියාව ලැබුණා.

මතීෂ මෙම තරගයේ දී සිය පන්දුවාර 04 තුළ ලකුණු 15ක් පමණක් ලබාදෙමින් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර, එහිදී ඔහුගේ පන්දුවාර 04 තුළ කිසිඳු හතරේ හෝ හයේ පහරක් ප්‍රතිවාදීන්ට ලබාගැනීමට හැකි නොවීම ද විශේෂත්වයක්.

තරගයෙන් අනතුරුව මෙම යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ගැන මහේන්ද්‍ර සිං දෝනි දැක්වූයේ මෙවන් අදහසක්.

“මම කැමතියි මතීෂ පතිරණ රතු පන්දු ක්‍රිකට් (ටෙස්ට් තරග) ක්‍රීඩා නොකරනවාට, මම හිතන්නේ ඔහු එයට ළං නොවිය යුතුයි. එක්දින තරග ද ඔහු හැකි තරම් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ඔහු විස්සයි විස්ස ක්‍රීඩකයෙක්, ICC තරඟාවලි සඳහා යොදාගත යුතු ක්‍රීඩකයෙක්, සැමවිටම තීරණාත්මක අවස්ථාවන්හිදී ඔහුව භාවිතා කළ හැකියි ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
10
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?