එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ෂෝන් විලියම්ස් අද සිය 35 වන ජාත්‍යන්තර එක් දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ වන විට බුලවායෝ හිදී පවැත්වෙන සුපිරි හයදෙනාගේ තරග වටයේ තරගයේ දීයි.
විලියම්ස් මෙම අර්ධ ශතකය රැස්කළේ පන්දු 49කට පමණක් මුහුණ දෙමින්.
මේ අතර විලියම්ස් ලකුණු 15ක් ලබාගෙන සිටිය දී දවාගැනීමට තිබූ පහසු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගිලිහි ගියා.
ඒ, ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවකට ෆයින් ලෙග් කලාපයට ලබාදුන් පහසු උඩ පන්දුවක් මතීෂ පතිරණ අතින් ගිලිහී යාමත් සමඟයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
3
+1
1
+1
1
+1
4
+1
11





