මත් පෙති පානයකර 05 වසරේ සිසුන් හතරක් රෝහලේ

කිසියම් මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පාසලේ 05 ශ්‍රේණියේ සිසුන් සිව්දෙනෙක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

එක් සිසුවෙකුගේ පියෙකු විසින් සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පාසලට රැගෙන විත් මෙම සිසුන් විසින් පානයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන්ට ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ පෙති වර්ගය පාසලට රැගෙන ආ දරුවාගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?