මත් කරල් තොගයක් මෙරටට ගෙනා සැකකරුවන් 05ක් නීතියේ රැහැනට කොටුවෙති

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට PREGAB නම් මත් කරල් 13,49,640ක් රැගෙන එමින් සිටි සැකකරුවන් 05 දෙනෙකුව නාවුක හමුදාවේ කල්පිටිය කඳවුරට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (14) කල්පිටිය – උච්චමුනේ දූපතට ආසන්න මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මත් කරල් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – මොහොත්තුවාරම, වන්නිමුන්දලම, කුරක්කන්හේන සහ සින්නකුඩිරිප්පුව පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් වයස අවුරුදු 22,34,36 සහ 44 වියේ පසුවන බව වැටලීම කළ නාවුක හමුදා නිලධාරීන් කියා සිටියා.

මත් කරල් තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ඒම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03ක් ද වැටලීම කළ නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත් කරල් සහිත කාඩ් 1,34,964ක් පොලිතින් මළු 18 ක අසුරා තිබූ බවත් පැවසෙනවා.

මෙම මත් කරල් 02 ක් රුපියල් 500ක මුදලකට කල්පිටිය සහ ඒ අවට රහසිගත ව අලෙවි කරන බවට මීට පෙර බුද්ධි තොරතුරු වාර්තා වී තිබූ බවත්
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ මත් කරල් තොගය ද, ඩිංගි බෝට්ටු 03 ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලීසියට භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?