මත් කරල් තොගයක් මෙරටට ගෙනා සැකකරුවන් 05ක් නීතියේ රැහැනට කොටුවෙති

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට PREGAB නම් මත් කරල් 13,49,640ක් රැගෙන එමින් සිටි සැකකරුවන් 05 දෙනෙකුව නාවුක හමුදාවේ කල්පිටිය කඳවුරට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (14) කල්පිටිය – උච්චමුනේ දූපතට ආසන්න මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මත් කරල් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – මොහොත්තුවාරම, වන්නිමුන්දලම, කුරක්කන්හේන සහ සින්නකුඩිරිප්පුව පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් වයස අවුරුදු 22,34,36 සහ 44 වියේ පසුවන බව වැටලීම කළ නාවුක හමුදා නිලධාරීන් කියා සිටියා.

මත් කරල් තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ඒම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03ක් ද වැටලීම කළ නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත් කරල් සහිත කාඩ් 1,34,964ක් පොලිතින් මළු 18 ක අසුරා තිබූ බවත් පැවසෙනවා.

මෙම මත් කරල් 02 ක් රුපියල් 500ක මුදලකට කල්පිටිය සහ ඒ අවට රහසිගත ව අලෙවි කරන බවට මීට පෙර බුද්ධි තොරතුරු වාර්තා වී තිබූ බවත්
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ මත් කරල් තොගය ද, ඩිංගි බෝට්ටු 03 ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලීසියට භාර දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23