AFC Banner
AFC Banner
Empty Ad

මත් කරල් එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් නීතිවිරෝධී මත් කරල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (02) දින මෙම වැටලීම රඹුක්කන – රෝහල මාර්ගයේ මුස්ලිම් පල්ලිය අසල දී සිදු කෙරුණා.

එහි දී ‘PREGABALIN’ නමැති මිලිග්‍රෑම් 150ක් බරැති (GABIN 150) මත් කරල් 12ක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගත් සැකකරු ඊරියගොල්ල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු රඹුක්කන පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?