මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් රජයේ රස පරීක්ෂකට

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යාජ මධ්‍යසාර ස්ටිකර් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ එම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත තරාතිරම නොබලා දඬුවම් කිරීමට සූදානම් බවයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2016 වසරේ ඉදිරිපත් වූ අයවැය යෝජනාවක් අනුව මෙම ස්ටිකර් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ දී සුරාබදු ආදායම ඊට පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19කින් ඉහළ ගිය බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මධ්‍යසාර නිෂ්පාදනයේ ද 11%ක වර්ධනයක් අත් කර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?