මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් (වීඩියෝ)

මත්පැන් අලෙවිසැල් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අක්‍රමවත් ආකාරයෙන් ලබාදී ඇති සුරා සැල් බලපත්‍ර ක්‍රමවත් ආකාරයට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා ද උපදෙස් ලබාදී ඇති බවයි.

විවිධ අවස්ථාවල විවිධ ක්‍රමවේදවලට අනුව සුරාසැල් බලපත්‍ර ලබාදීම හේතුවෙන් මෙම අක්‍රමවත්භාවය නිර්මාණය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශවල සුරාසැල් පොකුරු පවතින අතර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ දුරකට නිත්‍යානුකුල මත්පැන් මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බවට අනාවරණ වී ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

එවැනි ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් භාවිතය ව්‍යාප්ත වී ඇති අතර බලපත්‍ර ලබාගැනීමට ද දැඩි තරගකාරී බවක් නිර්මාණය වී ඇති බව ඔහු සඳහන් කළා.

එබැවින් සුරාසැල් බලපත්‍ර ලබාදීමේදී සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර විද්‍යාත්මක ක්‍රමවේදයකට ක්‍රමානුකූලව, එක් එක් ප්‍රදේශවලට ගැලපෙන ආකාරයෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කෙරෙනවා.

දැනට පවතින සුරාබදු බලපත්‍ර අනුගමනය කර ඇත් ද යන්න ඇතුලු පවතින සියලු අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතින අතර ලබන සතියේ ජනාධිපතිවරයාට එම වාර්තාව ලබාදෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියාසිටියේ.

https://www.youtube.com/watch?v=feiN-qtD8uA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?