මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් (වීඩියෝ)

මත්පැන් අලෙවිසැල් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අක්‍රමවත් ආකාරයෙන් ලබාදී ඇති සුරා සැල් බලපත්‍ර ක්‍රමවත් ආකාරයට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා ද උපදෙස් ලබාදී ඇති බවයි.

විවිධ අවස්ථාවල විවිධ ක්‍රමවේදවලට අනුව සුරාසැල් බලපත්‍ර ලබාදීම හේතුවෙන් මෙම අක්‍රමවත්භාවය නිර්මාණය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශවල සුරාසැල් පොකුරු පවතින අතර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ දුරකට නිත්‍යානුකුල මත්පැන් මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බවට අනාවරණ වී ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

එවැනි ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් භාවිතය ව්‍යාප්ත වී ඇති අතර බලපත්‍ර ලබාගැනීමට ද දැඩි තරගකාරී බවක් නිර්මාණය වී ඇති බව ඔහු සඳහන් කළා.

එබැවින් සුරාසැල් බලපත්‍ර ලබාදීමේදී සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර විද්‍යාත්මක ක්‍රමවේදයකට ක්‍රමානුකූලව, එක් එක් ප්‍රදේශවලට ගැලපෙන ආකාරයෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කෙරෙනවා.

දැනට පවතින සුරාබදු බලපත්‍ර අනුගමනය කර ඇත් ද යන්න ඇතුලු පවතින සියලු අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතින අතර ලබන සතියේ ජනාධිපතිවරයාට එම වාර්තාව ලබාදෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියාසිටියේ.

https://www.youtube.com/watch?v=feiN-qtD8uA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28