මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 21 හැවිරිදි සැමියා සමඟ 18 හැවිරිදි බිරිය මාට්ටු

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟ තබාගෙන සිටි අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙක් ඊයේ (10) පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 10 යි මිලිග්රැම් 80 ක් සහ මත්පෙති තොගයක් ද තිබී සොයාගත් බවද පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් අඹු සැමියන් වයස අවුරුදු 21 ක් හා 18 ක් වයසේ පසුවන අතර, අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන බවයි පැවසෙන්නේ.

සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?