AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 15ක් අත්අඩංගුවට

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් 15 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) සහ පෙරේදා (24) සිදුකළ මෙහයුමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් කොළඹ, ගාල්ල, අනුරාධපුර සහ කුරුණැගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, ගංජා මිශ්‍ර දුම්කුඩු සහ නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද බීඩි සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කි රීමෙන් අනතුරුව එම සැකකරුවන්ට මේ මස (28) දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කරමින් ශරීර ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?