මොරටුව බස් නැවතුම්පොලෙන් පිටත් වන බස් රථ රියදුරන් හා කොන්දොස්තවරුන් විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොදිසි කිරිම සදහා හදිසි වෛද්‍ය පරීක්ෂණයක් අද (31) මොරටුව බස් රථ නැවතුම්පොලේ දී සිදු කෙරුණා.
රියදුරන් සහ කොන්දොස්තරවරුන් 75 දෙනෙක් මෙම වෛද්‍ය පරික්ෂණයට භාජනය වී තිබෙනවා.
එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයට අනුව ඔවුන් අතරින් පුද්ගලයන් 03 දෙනෙක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වූ බවයි මොරටුව පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව එම සැකකරුවන් තිදෙනා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පොලිසිය එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදු කරනු ලැබුවා.













