මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට රුපියල් මිලියන 2000ක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 8000ක්.
  • සරසවි සිසුන්ට නෙවසිකාගාර පහසුකම් සැපයීමට අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි ලබාගැනීම කරෙහි අවදානය යොමුකරනවා.
  • අඩු ආදායම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මසකට රුපියල් පන්දහසක දීමනාවක්.
  • මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා. ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
  • සරසවි සිසුන්ගේ පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන.
  • අඩු අදායම් ලාභී අබාධිත දරුවන් සඳහා මාසයකට රුපියල් 5000ක දීමනාවක්.
  • වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක් වෙන්කරනවා.
  • ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
  • රජයේ සේවය සඳහා 3% ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට කටයටුතු කරනවා.
  • ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක් වෙන්කරනවා.
  • මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?