මත්ද්‍රව්‍ය තිබූ පොලිතින් කැබැල්ලක් ස්වරාලයේ සිරවී සැකකරුවෙක් මරුට

පොලිස් වැටලීමකදී පළාගිය සැකකරුවෙක් බිම ඇදවැටී සිහිසුන්වී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.

පසු ගිය 06 වනදා මාදම්පේ පොලිස් වසමේ පම්බල ප්‍රදේශයේ දී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් වැටලීමක් සිදු කර ඇති අතර, එහි දී නිලධාරීන් විසින් ඔවුන් පසු පස ලුහු බැඳ යාමේදී එක් සැකකරුවෙකු බිම ඇද වැටී ඇති අතර, පසුව නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිම ඇඳ වැටී සිටි සැකකරු සිහිසුන් වීම හේතුවෙන් නිලධාරීන් විසින් ඔහු හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර, සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි හලාවත පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) හලාවත රෝහලේදී සිදුකර තිබෙනවා.

එහිදී, මත්ද්‍රව්‍ය අඩංගු පොලිතින් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් සිදුවූ මරණයක් බවට හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කර සිටියි.

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?