මත්ද්‍රව්‍ය තිබූ පොලිතින් කැබැල්ලක් ස්වරාලයේ සිරවී සැකකරුවෙක් මරුට

පොලිස් වැටලීමකදී පළාගිය සැකකරුවෙක් බිම ඇදවැටී සිහිසුන්වී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.

පසු ගිය 06 වනදා මාදම්පේ පොලිස් වසමේ පම්බල ප්‍රදේශයේ දී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් වැටලීමක් සිදු කර ඇති අතර, එහි දී නිලධාරීන් විසින් ඔවුන් පසු පස ලුහු බැඳ යාමේදී එක් සැකකරුවෙකු බිම ඇද වැටී ඇති අතර, පසුව නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිම ඇඳ වැටී සිටි සැකකරු සිහිසුන් වීම හේතුවෙන් නිලධාරීන් විසින් ඔහු හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර, සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි හලාවත පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) හලාවත රෝහලේදී සිදුකර තිබෙනවා.

එහිදී, මත්ද්‍රව්‍ය අඩංගු පොලිතින් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් සිදුවූ මරණයක් බවට හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කර සිටියි.

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32


?