මත්ද්‍රව්‍ය ජාවාරමේ උපයන ලද මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ 36 ක පමණ මුදලක් ස්ථිර තැන්පතු ගිණුමක හා ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබීම හා රන් භාණ්ඩ පවුම් 60 කට අධික ප්‍රමාණයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේදී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙලෙස අත්අඩංගුවට ගෙ න තිබෙන අතර සැකකාරිය වයස අවුරුදු 53 ක්වූ ෆර්ගියුෂන් පාර , කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ
සැකකාරිය අද (30) වන අද දින කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.













