මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කෙරේ

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අදාල පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැකකරන අවිස්සාවේල්ල, ඉහළ තල්දුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 02 කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් සහිත පචර් 09 ක් පමණ ඉඩමක් ඊයේ (11) දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?