මත්ද්‍රව්‍ය චෝදනාවකට නිදහස් කෙරූ විත්තිකරුවන් ගැන අධිකරණයෙන් තීන්දුවක්

2019 වසරේ උතුරු මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196.8 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් විත්තිකරුවන් දෙදෙනෙකු රටින් පලා ගොස් ඇති බව නීතිපතිවරයා ඊයේ(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා වරදකරු කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් අයේෂා ජිනසේන මෙනෙවිය විසින් මෙම දැනුම්දීම සිදු කළා.

ඒ අනුව විදේශගත ව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ව මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඊට අමතරව විදේශගත ව සිටින එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබෙන බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනා පෙත්සම ඊයේ එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලැබුවා.

අභියාචනා පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ව මහාධිකරණය විසින් නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා අතුරින් විත්තිකරුවන් තුන් දෙනෙකුට සිතාසි භාර දී තිබෙන බව සඳහන් කළා.

මෙම නඩුකරයේ දෙවන සහ පස්වන විත්තිකරුවන් දෙදෙනා දැනටමත් රටින් පිටවී ගොස් ඇති අතර දෙවන විත්තිකරු වීසා කාලය ඉක්මවා රැඳී සිටිම හේතුවෙන් ඔහු ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා.

ඊට අමතරව පස්වන විත්තිකරු 2023 වසරේ ජනවාරි මස 15 වනදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබී තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු දුන් සොලිසිටර් ජනරල්වරිය මෙම විත්තිකරුවන් දෙදෙනා රටින් පිට වී ගොස් ඇත්තේ නීත්‍යානුකූල මාර්ගයෙන් බවත් සඳහන් කළා.

මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සොලිසිටර් ජෙනරාල්වරියට පෙන්වා දුන්නේ ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු පිටුවහල් කොට මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.

මෙම විත්තිකරුවන් දෙදෙනා උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ වනවිට සිතාසි භාර දී තිබෙන විත්තිකරුවන් තුන් දෙනාටම මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයාට නියෝග කළ අතර ඔවුන්ට රටින් පිටවී යාමෙන් වළක්වන්නැයි දැනුම් දෙන ලෙසත් ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය අගෝස්තු මස 06 සිදු කරන බවත් විනිසුරු මඩුල්ල නියම කළා.

2019 වසරේ නොවැම්බර් මස 21 වනදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහි ව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුවට ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2023 වසරේ අප්‍රේල් මස 06 වන දා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

එම මහාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එබැවින් එය අහෝසි කොට විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරු කර ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?