මත්තෙගොඩ සිනොපෙක් පිරවුම්හලෙන් අඩු මිලට තෙල්

චීනයේ Sinopec ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ පළමු ඉන්ධන පිරවුම්හලේ සේවා කටයුතු ආරම්භ වී තිබෙනවා.

පිරවුම්හලේ හිමිකරු චන්දිම නාලක කපුරුගේ සඳහන් කළේ ඊයේ ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට චීනයේ Sinopec ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සහ පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් එක්වූ බවයි.

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පැවති අතර Sinopec ආයතනය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව Sinopec නිල ලාංඡනය යටතේ සේවා කටයුතු සිදුකරන බවයි හිමිකරු කියාසිටියේ.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවත්වාගෙන ආ සියළුම වර්ණ සංකේත ඉවත් කර Sinopec ආයතනය සතු වර්ණ සංකේත එනම නිල ඇඳුම් භාවිතා කරමින් සේවා කටයුතු සිදු කෙරෙනවා.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබීම විශේෂත්වයක්.

මීට අමතරව පාරිභෝගික සේවා අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළද සංකීර්ණයක් ඉදි කිරීමටත් නව පොම්ප සවි කර වසරක් ඇතුළත ඉන්ධනහල නවීකරණය කිරීමටත් Sinopec ආයතය සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී මෙරට ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 150ක් සහ අළුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ඇතුළුව පිරවුම්හල් 200ක් නව ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Sinopec ගිවිසුම අනුව ඔක්තෝම්බර් මාසයට පෙර පිරවුම්හල් 150 ක්‍රමානුකූලව සිනොපෙක් කළමනාකාරිත්වයට පැවරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මැයි මාසයේදී අත්සන් කිරීම යටතේ, සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී තිබෙනවා.

තම සමාගමේ ප්‍රථම බලයලත් පිරවුම්හල භාරදීම හරහා Sinopec හි ව්‍යාපාරික මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කිරීමට ලැබීම ගෞරවයක් බවයි Sinopec Lanka හි විධායක අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
7
+1
53
+1
3
+1
10
+1
17
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?