මත්තෙගොඩ සිනොපෙක් පිරවුම්හලෙන් අඩු මිලට තෙල්

චීනයේ Sinopec ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ පළමු ඉන්ධන පිරවුම්හලේ සේවා කටයුතු ආරම්භ වී තිබෙනවා.

පිරවුම්හලේ හිමිකරු චන්දිම නාලක කපුරුගේ සඳහන් කළේ ඊයේ ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ අවස්ථාවට චීනයේ Sinopec ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සහ පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් එක්වූ බවයි.

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පැවති අතර Sinopec ආයතනය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව Sinopec නිල ලාංඡනය යටතේ සේවා කටයුතු සිදුකරන බවයි හිමිකරු කියාසිටියේ.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවත්වාගෙන ආ සියළුම වර්ණ සංකේත ඉවත් කර Sinopec ආයතනය සතු වර්ණ සංකේත එනම නිල ඇඳුම් භාවිතා කරමින් සේවා කටයුතු සිදු කෙරෙනවා.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබීම විශේෂත්වයක්.

මීට අමතරව පාරිභෝගික සේවා අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළද සංකීර්ණයක් ඉදි කිරීමටත් නව පොම්ප සවි කර වසරක් ඇතුළත ඉන්ධනහල නවීකරණය කිරීමටත් Sinopec ආයතය සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී මෙරට ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 150ක් සහ අළුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ඇතුළුව පිරවුම්හල් 200ක් නව ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Sinopec ගිවිසුම අනුව ඔක්තෝම්බර් මාසයට පෙර පිරවුම්හල් 150 ක්‍රමානුකූලව සිනොපෙක් කළමනාකාරිත්වයට පැවරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මැයි මාසයේදී අත්සන් කිරීම යටතේ, සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී තිබෙනවා.

තම සමාගමේ ප්‍රථම බලයලත් පිරවුම්හල භාරදීම හරහා Sinopec හි ව්‍යාපාරික මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කිරීමට ලැබීම ගෞරවයක් බවයි Sinopec Lanka හි විධායක අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09