මත්තල ගුවන් තොටුපොළ ගැන රජයෙන් තීරණයක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

2025-01-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ තිබෙනවා.

එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටු පොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇති අතර, ඇතැම් ගුවන් සේවා එම ගුවන් තොටු පොළ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එකී අපගමන බදු සහනය තවදුරටත් පවත්වා ගෙන යාම මඟින් තරගකාරිත්වය ඉහළ නැංවීම හරහා එම ගුවන්තොටු පොළ වෙත නව නිශ්චිතජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ශනය කර ගැනීමට හා පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාල සීමාව 2027-06-26 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
21
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?