මත්කරල් තොගයක් සමඟ වැලිකඩ දී කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනක් වැලිකඩ පොලිස් වසමේදී, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් දෙදෙනා සමඟ මත්කරල් 2600ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් එක් කාන්තාවක් වැලිකඩ ප්‍රදේශයේ විදුහලක් ආසන්නයේදී මත්කරල් 600ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ එම මත්කරල් ලබා දුන් අනෙක් සැකකාරිය අත්අඩංගුවට ගත් අවි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව එම අනෙත් සැකකාරිය වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත් කරල් 2000ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 40 සහ 56 අතර පසුවන්නන් බවයි පොලිසිය පවසා සිටියේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !