මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙකු STF අත්අඩංගුවට

නීති විරෝධි මත්කරල් තොගයක් සමඟ අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී මත්කරල් 500ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?