මට්ටක්කුලියේ ඝාතනයට යොදාගත් කඩු 2ක් සමඟ 4ක් අත්අඩංගුවට

මට්ටක්කුලිය සාවියා පටුමගේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය
කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු දෙක කොටිකාවත්ත කොහිලවත්ත සුසාන භූමියේ සඟවා තිබියදී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් 28 වෙනි දින මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තකු බව පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගත් මුදල්
උන්ඩියල් කිරීමේ ජාවාරමෙහි යෙදෙන්නෙක් බවත් බවත් පොලිසිය කියයි.

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේකරුවකු වන සලිදු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උන්ඩියල් කිරීමට භාර ගෙන නැවත මුදල් නොදී මග හැරීමේ සිද්ධියක් පදනම් කරගෙන මෙම ඝාතනය සලිදු නමැත්තාගේ උපදෙස් මත ඩුබායි හි සැඟව සිටින වනාතේ දුමින්ද උදිත කුමාර නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බව පොලිසිය කියයි.

දුමින්ද උදිත කුමාර නමැත්තා ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් අයකැමි ලෙස කටයුතු කරන වනාතේ චතු මල්ලි නැමැත්තාට මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තාව ඝාතනය කිරීම සඳහා සලිදු නැමැත්තා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඇති අතර අනෙක් පුද්ගලයන්ට මුදල් ලබාදී නැතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් හා 30ත් අතර පසුවන වැල්ලම්පිටිය සහ බොරැල්ල වනාත පදිංචිකරුවන් ය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ මර්දන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එල් ආර් මධුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

image 40

WhatsApp Image 2022 12 15 at 5.40.28 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33