ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ග්‍රෙගෝරියස් බාසිලෝනා V නැමැති මගී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
නෞකාවේ සිටි මගීන් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා මුහුදට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල හෝ මරණ පිළිබඳ නිල ප්‍රකාශයක් තවමත් නිකුත් කර නැහැ.
තලවුඩ් දූපත්වල සිට මනාඩෝ නගරය දක්වා පුද්ගලයින් 280 කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටිය දී නෞකාව මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
එරට වේලාවෙන් අද (20) පස්වරු 1:30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
15
+1
2
+1
3















