AFC Banner
Empty Ad
Empty Ad

මක්කම උෂ්ණත්වය ඉහළ නගී – හජ් වන්දනාකරුවන් 06ක් මරුට

මක්කම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෙල්සියස් අංශක 48ක් (ෆැරන්හයිට් අංශක 118) දක්වා මක්කම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මෙම මරණ හය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තාප ආඝාතයෙන් මියගිය පුද්ගලයින් හයදෙනාම ජෝර්දාන පුරවැසියන් බව සඳහන්.

ජෝර්දාන විදේශ අමාත්‍යාංශය ඊයේ (15) ප්‍රකාශ කළේ, භූමදානය කිරීමේ ක්‍රියා පටිපාටි සහ ඔවුන්ගේ සිරුරු නැවත ජෝර්දානයට මාරු කිරීම සම්බන්ධයෙන් ජෙඩාහි සෞදි බලධාරීන් සමඟ සාකච්ඡාකරමින් සිටින බවයි.

මේ අතර ජෝර්දානය මීට පෙර පවසා ඇත්තේ මේ වසරේ සිය නිල දූත පිරිසට වන්දනාකරුවන් 4,000 කට වැඩි පිරිසක් සිටින බවයි.

කෙසේ වෙතත් මෙලෙස මියගිය හයදෙනා “නිල දූත පිරිසේ” කොටසක් නොවන බවයි එරට විදේශ අමාත්‍යාංශය පැහැදිලි කළේ.

මේ අතර සෞදි සංඛ්‍යාලේඛන අනුව මෙම වසරේ දී මිලියන 1.8 කට වැඩි පිරිසක් හජ් වන්දනාවේ පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
1
+1
15
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?