මක්කම උෂ්ණත්වය ඉහළ නගී – හජ් වන්දනාකරුවන් 06ක් මරුට

මක්කම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෙල්සියස් අංශක 48ක් (ෆැරන්හයිට් අංශක 118) දක්වා මක්කම උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මෙම මරණ හය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තාප ආඝාතයෙන් මියගිය පුද්ගලයින් හයදෙනාම ජෝර්දාන පුරවැසියන් බව සඳහන්.

ජෝර්දාන විදේශ අමාත්‍යාංශය ඊයේ (15) ප්‍රකාශ කළේ, භූමදානය කිරීමේ ක්‍රියා පටිපාටි සහ ඔවුන්ගේ සිරුරු නැවත ජෝර්දානයට මාරු කිරීම සම්බන්ධයෙන් ජෙඩාහි සෞදි බලධාරීන් සමඟ සාකච්ඡාකරමින් සිටින බවයි.

මේ අතර ජෝර්දානය මීට පෙර පවසා ඇත්තේ මේ වසරේ සිය නිල දූත පිරිසට වන්දනාකරුවන් 4,000 කට වැඩි පිරිසක් සිටින බවයි.

කෙසේ වෙතත් මෙලෙස මියගිය හයදෙනා “නිල දූත පිරිසේ” කොටසක් නොවන බවයි එරට විදේශ අමාත්‍යාංශය පැහැදිලි කළේ.

මේ අතර සෞදි සංඛ්‍යාලේඛන අනුව මෙම වසරේ දී මිලියන 1.8 කට වැඩි පිරිසක් හජ් වන්දනාවේ පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
1
+1
15
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32