මංගල ගමන පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලුත් සමාජිකයා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විසින් අලුතෙන් මිලදී ගත් එයාර් බස් A 330 – 200 ගුවන් යානයේ මංගල ගුවන් ගමන අද (21) දහවල් ආරම්භ කළා.

ඒ, අනුව මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය සිය මංගල ගුවන් ගමන ලෙස යූ.එල්.- 115 දරණ ගුවන් ගමන් වාර අංකය යටතේ මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද (21) දහවල් 01.48ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් A 330 – 200 ගුවන් යානය ඉකුත් 04 වන දින ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා.

එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර වශයෙන් රාජකාරි කටයුතු රැසක් නිම කිරීමෙන් පසු මෙලෙස අද (21) දිනයේ සිය ප්‍රථම මංගල ගුවන් ගමන පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
14
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?