භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ අනුර වල්පොළ ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
කෙසේවෙතත් ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ හේතුව කුමක්දැයි මෙතෙක් කිසිවක් අනාවරණය වී නැහැ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් හිටපු සභාපති අනුර වල්පොළගෙන් විමසීමක් කළා.
ඔහු පැවසුවේ ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ තමන්ට ද කිසිදු හේතුවක් දැනුම්දී නොමැති බවයි. සභාපති තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කර ඇති බවත්, එබැවින් තමා ධූරයෙන් ඉවත්වූ බවත් හිටපු සභාපති අනුර වල්පොළ පැවසුවා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ද විමසීමක් කළා.
ඔහු පැවසුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ධූරයට වෙනත් අයෙකු පත්කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් තමාට දන්වා තිබූ බැවින් ඊට අදාළව කටයුතු කළ බවයි.













