භූ කම්පනයෙන් චූඩා මාණික්‍යයක් බිම වැටෙයි

ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල කළ භූ චලනය සමග උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිම ඇද වැටීමෙන් හානි සිදුව තිබෙනවා.

බුත්තල, පැල්වත්ත, වැල්ලවාය සහ මොනරාගල යන ප්‍රදේශ ආශ්‍රිතව රිච්ටර් මාපකයේ එකක 3.0 ක ප්‍රබලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වය සිදු වූයේ අද දහවල් 12.15ට පමණයි.

උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති නාගොල්ලේ නන්දරතන හිමි සඳහන් කළේ ඇතිවූ කම්පනයත් සමග දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිමට වැටී හානි සිදුව ඇති බවයි.

ප්‍රදේශයේ නිවෙස්වල බිත්ති ඉරිතැලීම්, උළු හා සිවිලිම් බිමට වැටීම, දොර ජනේල්වලට සවිකර තිබු වීදුරු කැඩීම වැනි සුළු හානි සිදුව තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් රවින්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රදේශයට භු චලනය සිදුවීමත් සමග බියට පත් වූ මහල් ගොඩනැගිලිවල සේවය කරමින් සිටි රාජ්‍ය සේවකයින් ඇතුලු ජනතාව බිම් මහල්වලට බැස පැය කිහිපයක් ගත කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58