භූමිකම්පනයෙන් මියගිය ගණන 11,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මේ වන විට පුද්ගලයින් 8,574 දෙනෙකු මියගොස් ඇති බවයි එරට ජනාධිපති Recep Tayyip Erdogan ප්‍රකාශ කළේ.

සිරියාවේ අවම වශයෙන් 2,530ක් මිය ගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

විවේචන වර්ධනය වීමත් සමඟ තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan භූමිකම්පාවෙන් විපතට පත් කලාපයේ සංචාරයකට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සිටින ප්‍රදේශවල ජනතාව බේරා ගැනීමට ප්‍රයත්න දරන සහන සංවිධාන පවසන්නේ මිනිසුන් බේරා ගැනීමට පවතින කාලය අවසන් වී ඇති බවයි.

මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා යාමේදී තුවාල ලැබූ සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ සුන්බුන් අතරින් තවත් පිරිස් බේරා ගැනීමත් සමගයි.

තුර්කියේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 8,574 දක්වා ඉහළ ගොස් ඇති අතර බලධාරීන් වාර්තා කළේ 41,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින වයඹ දිග රජයේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ වාර්තාවලට අනුව සිරියාවේ 2,600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan ඊයේ විපතට පත් ප්‍රදේශවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, අර්බුදය විසඳීම සඳහා නිලධාරීන්ට බලතල ලබා දී තිබෙනවා.

මේ අතර අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ භූමිකම්පාවෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් යාඥා කර ඇති අතර මුදාගැනීමේ ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දෙන ලෙසටයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21