භූමදාන කළ කාන්තා මළ සිරුර ගොඩගෙන හිස කපාගෙන රැගෙන ගිහින්

තලකිරියාගම, තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමදානය කරතිබූ කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස කපාගෙන රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

කිසියම් පිරිසක් විසින් දේහය වළ දමා තිබූ ස්ථානය හාරා සිරුරේ හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය අගෝස්තු මාසයේ 08 වනදා භූමදානය කළ 80 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක හිස කොටස මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.

පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු දේහය වළෙන් ගොඩගෙන තිබෙන අයුරු දැක ඒ පිළිබදව මියගොස් භූමදානය කර සිටි කාන්තාවගේ පවුලේ සමජිනයින් වෙත දන්වා තිබෙනවා.

පසුව පවුලේ සාමාජිකයින් පැමිණ ඒ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් මළ සිරුරේ හිස කොටස කපාගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සැකපළ කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකිරීමේ දී යොදාගැනීමට එය රැගෙන යන්නට ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?