භාරදුන් බුලට් පෘෘෆ් රථය මහින්ද යළිත් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත වීම නිසා මීට පෙර භාවිතා කළ වෙඩි නොවදින මෝටර් රථ ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් එම වෙඩි නොවදින මෝටර් රථ ආපසු ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව වාර්තාවනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඔවුන්ගේ එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පතිවරයාද ඇතුළත් වන ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එම කමිටුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?