බෝලෙ මුහුණේ වැදුණට ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා ප්‍රසිද්ධියේ සමාව අයදියි

ATP විවෘත තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී ටෙනිස් විනිසුරු බෙන් ඇන්ඩර්සන්ගේ මුහුණට පන්දුවක් වැදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා.

මෙම සිදුවීම පසුගියදා සිදු වූයේ චීනයේ පැවැත්වෙන විවෘත ටෙනිස් තරගාවලියේ පැවති සුදුසුකම් ලැබීමේ තරග වටයල් ෂැංහයි මාස්ටර්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතරතුරයි.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින්නෙකු වන Marc Polmans විසින් තරගයක් අතරතුර එල්ල කරන ලද පහරක් වැරදීමෙන් තරග විනිසුරු ලෙස පිටියෙහි රැඳී සිටි විනිසුරුවරයාගේ මුහුණෙහි වැදී තිබෙනවා.

එය අත් වැරදීමකින් සිදු වූවක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කනගාටුව මෙන් ම සිදු වූ අපහසුතාවට සමාව ද මාර්ක් විසින් ඉල්ලා ඇති බවයි CNN පුවත් අංශය වාර්තා කරන්නේ.

Polmans ඉතාලි ක්‍රීඩක Stefano Napolitano ට එරෙහිව තරග කරමින් සිටියදියි ඇන්ඩර්සන්ගේ මුහුණට පෝල්මන්ස් එල්ල කළ පහරකින් පන්දුව මුහුණෙහි වැදුණේ.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩකයා සිය නිල X (ට්විටර්) හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ක්‍රියාවන් සඳහා විනිසුරු බෙන්ගෙන් සමාව අයැද සිටින බවයි.

එය වැඩිදුරටත් මෙසේයි;

“The umpire, Ben, has accepted my apology for my actions – he knows it was unintentional and I shanked the ball on the frame in frustration in the heat of the moment..” යනුවෙන්.

කෙසේවෙතත් රොයිටර් වාර්තා කළේ පොල්මන්ගේ හැසිරීම යෝග්‍ය නොවීම හේතුවෙන් තරගාවලියෙන් ලැබුණු සියලුම ශ්‍රේණිගත කිරීම්, ලකුණු සහ ත්‍යාග මුදල් අහිමි වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?